පොල් වගාවේ කළු කුරුමිණි උවදුර පාලනය
කළු කුරුමිණියන් හානි නොකළ පොල් පැලයක් සෙවීම අද නොමල ගෙයකින් අබ මිටක් සෙවීම වැනිය. එත් කළු කුරුමිණි හානිය රතු කුරුමිණි හානිය තරම් මාරාන්තික නොවන නිසා වගා කරුවන්ගේ මේ පිලිබඳ අවධානය ඉතාමත් අඩු වී තිබේ. නමුත් පොල් ගසේ වර්ධනය බාල වීම සහ එමගින් ගහ පීදීමට ගතවන කාලය වැඩි වීම මෙහි ප්රධාන ගැටලුවයි. එසේම පොල් ගස් විකෘති වීමත් කළු කුරුමිණි හානියට ලක් වුනු තැන වලට රතු කුරුමිණියන් ආකර්ශනය වී රතු කුරුමිණි හානියට ලක් වීමත් අනෙකුත් ගැටළු වේ.
ඔරික්ටස් රයිනෝසිරස් (Oryctes rhinoceros) යන විද්යාත්මක නාමයෙන් හදුන්වන මෙම කළු කුරුමිණියා ලංකාවේ සියලු පොල් වගා කරන ප්රදේශ වල දැකිය හැකි පලිබෝදකයෙකි. සියලුම වයස් වල පොල් වගාවන්ට හානි කරන අතර මෙම හානිය බලපාන්නේ අවුරුදු 3-4 දක්වා පැල වලට පමණි විශාල ගස් වලට ගොක් අත්තක් අහිමි වීම පමණක් සිදු උනත්, ගොක් අත්තක් අහිමි යනු පොල් වල්ලක් අහිමි වීමත්, ඒ තුවාල උන ස්ථානයෙන් රතු කුරුමිණි හානිය පැමිණිය හැකි වීමත් නිසා අපට එය සුළු කර තැකිය නොහැක.
ගැහැණු කළු කුරුමිණියා පොල් ගසේ ලපටි කොටස් සිදුරු කරගෙන ගොස් කඳ ඇතුලේ බිත්තර දමයි. පසුව සුහුඹුල් කෘමිය මෘදු පටක වලට ඇතුළු වී ගොබයේ ලපටි කොටස් ආහාරයට ගනී. මේ නිසා වර්ධනය නොවුණු ගොක් කොළ හානියට පත් වීම සිදු වේ. කීටයා වකුටු හැඩයකින් යුක්ත වන දිගින් මිලිමීටර 60 ක් පමණ වේ. දේහයේ ඉදිරි කොටසේ පාද යුගල් කිහිපයකින් යුතු වේ. පිලවුන්ද කීටයන් සිටින ස්ථාන වලම දක්නට ලැබේ
කළු කුරුමිණි හානිය සඳහා අවුරුදු කිහිපයකට පෙර කුරේටර් සාර්ථකව බාවිතා කලත් එම කෘමි නාශකය තහනම් කල පසු එක සාර්ථක ක්රමයක් මගින් මෙම හානිය පාලනය කල නොහැකි වී ඇත. ඒ සඳහා ක්රම කීපයක් එක්ව යොදාගැනීම යම් තරමකට සාර්ථක අතර ඒ සඳහා පහත සදහන් ක්රම බාවිතා කල හැක.
යාන්ත්රික පාලනය
– කුරුමිණි කටුවක් මගින් ඉවත් කිරීම
– ගහේ තුවාල වුනු ස්ථාන සහ පැල කාලයේදී කඳට කළුතෙල් අලේප කිරීම
– ගොබයට ආසන්න පිති වල කපුරු බෝල 2 බැඟින් කපුරු බෝල 06 ක් පමණ රදවා තැබීම
– පෙරමොන උගුල්
පාරිසරික පාලනය
– පොල් පැලයේ වියලුනු කොටස් කපා ඉවත් කර පිලිස්සිම
– කුණු ගොඩවල්, දිරාගිය ශාක කොටස්, වියලි ගොම ආදී කුරුමිණියන් බෝවිය හැකි ස්ථාන පාලනය කිරීම
– පොල් පැලය වටා දමන වසුන් නිතර පරීක්ෂා කිරීම සහ කලකට වරක් පැරණි වසුන් ඉවත් කර අලුත් වසුන් දැමීම
රසායනික පාලනය
– පෙන්තොයිඩ් වැනි කෘමි නාශකයක් ගොබයට සහ කඳට ඉසීම
ජෙයිව පාලනය
– Oryctes වයිරසය මගින්
– Metarrhizium anisopliae මගින්පොල් වගාවේ කළු කුරුමිණි උවදුර පාලනය

– Metarrhizium anisopliae මගින්
-By Livonka Plantationsපොල් වගාවේ කළු කුරුමිණි උවදුර පාලනය

Leave a Reply