ගම්මිරිස් වගාව සදහා පොහොර නිර්දේශය
ගම්මිරිස් වගාව සදහා පොහොර නිර්දේශ ඔබට පහසුවෙන් සකස් කරගන්න ප්රායෝගික විදිහට සකස් කරලා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පාංශු විද්යා අංශයේ ප්රසාද් මහතා පැහැදිලි කලා
මේ සදහා මුලික පොහොර අරගෙන හොඳින් කවලවම් කරලා බෝගය ට නියම මාත්රව පැලයට අඩ්යක් විතර ඈතින් දාන්න පස් වල තෙතමනය ඇති විටක මොකද පොහොර උරාගැනීම් කරන්නේ ජලීය ද්රාවණය යක් ලෙස නිසා .
කලින් පොස්ට් එකක මම කීවා වගේ ඩොලමයිට් යොදාගෙන පසෙ pH අගය බැලන්ස් කරලා සති 3/5 විතර ගියාට පස්සෙ තමා පොහොර දාන්න ඔන .ඩොලමයිට් දාපු ගමන් පොහොර දාන්න එපා .
යුරියා 110 g
එප්පාවල රොක් පොස්පේට් 140 g
මියුරේට් ඔෆ් පොටැශියම් 75 g
කීසරයිට් 25 ග්රෑම්
හොඳින් කවලවම් කරලා වසර කට දෙවරක් දාන්න මැයි මස හා නොවැම්බර් වල වැස්ස එක්ක දාන්න .
වයස අනුව පොහොර දාන්න ඔන
* වයස මාස 6 සිට වසර ක් දක්වා 125g වරකට
*දෙවෙනි වසර වරකට 250 ග්රෑම්
* තුන්වැනි වසර හා ඉන් පස්සෙ 350 ග්රෑම්
මීට අමතරව ග්ලිඩිසිරියා කොල කිලෝ 10 වත් වැලට වසුන් ලෙස දාන්න ඔන .
වැඩි අස්වැන්න සදහා පොහොර නිර්දේශ අනිවාර්යයෙන් යොදන්න
Leave a Reply