Adjustable Smart Polkeki
Adjustable Smart Polkeki
Other_tools1
previous arrow
next arrow

ආයුබෝවන් !

අපගේ වෙබ් අඩවියට පිවිසි ඔබව සාදරයෙන් පිළිගනිමු !

වසර 25ක පමණ කාලයක් පුරා ඔබගේ එදිනෙදා ජීවිතය පහසු කරගැනීම පිණිස ප්‍රයෝජනවත් වන නිර්මාණ ඉතාමත් අනර්ඝ තත්වයෙන් නිපදවා මනා වූ කීර්තිනාමයක් දිනා සිටිමු.

අප විසින් නිපදවනු ලබන උපකරණ නිවැරදිව භාවිතා කළ යුතු ආකාරය පිළිබදව අප ඔබව දැනුවත් කරන අතරම උපකරණ සදහා වගකීමක්ද ලබා දෙමු.

අපගේ දුරකථන අංකයට (0777267035) අමතා හෝ WhatsApp මැසේජ් කර උපකරණ ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමටද හැක.

ඔබේ දිවිය පහසු කර ගැණීම සදහා අපහා එක්වන මෙන් ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

Coco Poles ඇලුමිනියම් – ඇජෙස්ටබල් ස්මාර්ට් පොල් කෙක්ක!

Adjustable_Smart_Polkekka
Pol_Kekka2
Pol_Kekka3
previous arrow
next arrow

සාමාන්‍යයෙන් Coco Poles ස්මාර්ට් පොල් කෙක්ක අඩි 4 බැගින් දිග ඇලුමිනියම් ඇලෝයි මිටවල් 8 කින් සමන්විත වේ. බර කිලෝ 4 කි. ට්‍රැවලින් බෑගයක බහා ඇති බැවින්, බස් රථයක, බයිසිකලයක, මෝටර් රථයක වුවද පහසුවෙන් ප්‍රවාහනය කළ හැකිය.

පොල් කැඩීමට, පළතුරු බිමට නොවැටී කැඩීමට, උස ගස් වල ලොකු/කුඩා අතු බිම සිට කපා දැමීමට, ඩබල් හයිට් මකුළු දැල් කැඩීමට, ග්ලාස් ක්ලීන් කිරීමට, උස ස්ථානයක බල්බ් වැල් එල්ලීමට හා ගැලවීමට මෙන්ම ගම්මිරිස් වගාවේ ගිනි සීරියා අතු පෑහීමටද මෙම කෙක්ක භාවිතා කළ හැක.

මෙම Coco Poles පොල් කෙක්කේ පහළම මිටට රබර් ඉන්සියුලේෂන් එකක් යොදා ඇති අතර එමගින් ඉහළ මිටක් විදුලි රැහැනක ගැටුනත් විදුලිය කාන්දුවීම වළක්වා ගැනීමටත්, දහදිය දැමීමේදී අතට ලිස්සා යාමකින් තොරව හොදින් අල්ලා ගැනීමටත් පහසුවේ.

මෙම උපකරණය අවශ්‍ය උසට මිලදී ගත හැකි අතර අවශ්‍ය මිටවල් ප්‍රමාණය, යොදා ගන්නා මිටවල් වල විෂ්කම්භය හා මිටවල් සෑදීමට භාවිත කර ඇති අමුද්‍රව්‍ය වල තත්වය යන කරුනු අනුව මිළ ගනන් වෙනස් වේ.

Coco Poles ස්මාර්ට් පොල් කෙක්කක මිල ගණන්

ඔබට අවශ්‍ය උස අනුව මිල ගණන් වෙනස් වේ. අඩි 4 ගුණාකාර ලෙස එනම් අඩි 4, 8, 12, 16, 24 .... 36 දක්වා ඔබට අවශ්‍ය උසට ලබා ගත හැකිය.
මිටවල් වල විෂ්කම්භ අනුපාත 3ක් ඇති අතර, ඒවා යොදාගන්නා අනුපාත අනුව කෙක්කේ මිල ගණන් එකම උසකට වුවද සැලකිය යුතු ලෙස වෙනස් වේ. පහළට Heavy Duty Large මිට්වල් වැඩිපුර යෙදීමෙන් කෙක්ක තෙපුල් දෙන (පැද්දෙන) ස්වභාවය අවම වේ. ඉහලට සිහින් සැහැල්ලු මිටවල් යෙදීම මගින් කෙක්ක ඇල කරන විට ඉහලින් පැත්තට ඇදෙන ස්වභාවය අඩුවේ.
මිටවල් සෑදීමට භාවිත කර ඇති අමුද්‍රව්‍ය වල තත්වය අනුවද මිල වෙනස් වේ. ඇලුමිනියම් ඇලෝයි බට වල ගේජ් එක (Thikness) අනුවද මිල වෙනස් වේ.
අඩි 24ක් උස, එනම් අඩි 4 මිටවල් 6ක හොදම තත්වයේ කෙක්කක මිල රු 15,650/=ක් වේ.
පොල් කඩන කෙකි තල ඇතුළු අනෙකුත් උපකරණ විවිධ තත්වයන් (Qualities) සහ විවිධ මිල ගණන් යටතේ මිල දී ගැනීමට පුළුවන. පොල් කඩන කෙකි තල රු 1,950/= සිට රු 4,750/= දක්වා මිලට ගත හැක. හොදම තත්වයේ තලයක් අවුරුදු 20ක පමණ කාලයක් භාවිතා කිරීමට හැක. අක්කර භාගයක ඉඩමක දෙවරක් හෝ තුන් වරක් පොල් කැඩීමෙන් මෙයට ආයෝජනය කරන ලද සම්පූරන මුදල ඔබට සොයා ගත හැකිය (ගස් නගින්නෙකුට එයට ගෙවන මුදල ඉතිරි කරගැනීමෙන් පමණක්).

Coco Poles ස්මාර්ට් පොල් කෙක්කට සවිකරන අනිකුත් උපාංග සහ මිල ගනන්
  • පලතුරු බිමට නොවැටී කඩනය රු 1,950/=
  • අතු කපන කියත් තලය රු 2,250/=
  • හීන් අතු කපන කතුර (රඔුටන් අස්වැන්න නෙලීම සදහා) රු 2,250/=
  • මකුළු දැල් කඩන මල රු 975/=
  • ෆිනිෂින් සිවිලිම් Cleaning රු 1,250/=
  • ග්ලාස් Cleaning වයිපර් රු 1,250/=
  • පේන්ට් රෝල් බ්‍රෂ් රු 1,450/=
  • හුක් ඇන්ඩ් හැගර් රු 825/=
වෘත්තීය වශයෙන් පොල් කඩන ආකාරය පහත වීඩියෝවෙන් නරඔන්න

ගෘහස්ථ/යාන්ත්‍රික පොල් උල

මෙම උපකරණය නිවස තුල හෝ බාහිරව ගෙවත්තේ තබා භාවිතා කළ හැකිය. (ඔබ නිවස තුල මෙම උපකරණය භාවිතා කරන විට බිමට රබර් කාපට් එකක් හෝ ගෝණියක් වැනි දෙයක් මත තබා භාවිතා කරන්න. එමගින් මෙය ටයිල් පොළොව මත ඝට්ටනය වීම හා ලිස්සා යාම වලක්වා ගත හැකිය.)

පොල් ගෙඩියේ ගෝලාකාර හැඩය නිසා එක වරම සම්පූර්ණයෙන්ම ශරීරයේ බර ‍යොදා පොල් ගෙඩිය තලය මත තෙරපීමේදී ලිස්සා යාමට ඉඩ ඇත. එම නිසා මුලින්ම සාමාන්‍ය තෙරපුමක් දී තලයේ තුඩ පොල් ලෙල්ල තුලට තෙරපා තරමක් ඇතුල් වූ පසු අවශ්‍ය උපරිම බලය යොදා පොල් ගෙඩිය තලය තුලට තෙරපන්න.

තල 2 එකට හේත්තු වී ඇති අවස්ථාවේදී පොල් ගෙඩිය තෙරපීම සිදුකළ යුතු අතර අවශ්‍ය ප්‍රමාණයට කිදා බැසීම සිදු වූ පසු ලිවරය ඉහලට අදින්න. පොල් ගෙඩිය තලය මත තෙරපන අවස්ථාවේ හා ලිවරය අදින අවස්ථාවේ ඔබ උපකරණයේ පාදම මත හොදින් සෘජුව එක් පාදයකින් පාගාගෙන සිටීම අනිවාර්ය වේ. භාවිතයෙන් පසු තලය වියලි රෙදි කැබැල්ලකින් පිසදමන්න. (මෙහි ඇති ලිවරය අසලින් ගමන් කරන අයෙකුගෙ ශරීරයේ හෝ ඇදුමක දැවටීමෙන්, උපකරණය බිම පෙරලී යාමට සහ හෝ අනතුරක් සිදුවිය හැකි නිසා භාවිතා කිරීමෙන් පසුව නිවසේ මුල්ලක වැනි සුදුසු ස්ථානයක ගබඩා කර තබන්න)

පුහුණු වූ අයෙකුට පැයකදී පොල් ගෙඩි 180ක් ලෙලි ගැසීමට හැකියාව ඇත. කාර්මික වශයෙන් මෙය භාවිතා කරන්නේ නම් මෙහි පාදම එළිමහනේ කෙන්ක්‍රීට් යොදා සවිකර ගත හැක.

පොල් ගස් නගින යන්ත්‍රය

මෙම යන්ත්‍රය භාවිතා කිසිදු පළපුරැද්දක් අවශ්‍ය නොවේ. ශරීරය වටා සිට් බෙල්ට් එකක් සහ සේෆ්ටි බෙල්ට් 1 කින් සමන්විත නිසා කිසිදු අයුරකින් බිමට ඇ වැටීමක් සිදු නෙවේ. වැසි දිනයක වුවද තෙත සහිත දිය සෙවල් සහිත ගසක වුවද ලිස්සා යාමකින් තොරව නැගීමට හැකිය.

අඩි 75ක් උස ගසකට මිනිත්තු 3 කදී ඉහලට නැග පහළට බැසීමට හැකියාව ඇත. සාමාන්‍යෙයෙන් ගස් 25,000 කට පමණ යන්ත්‍රය භාවිතා කිරීමට තරම් ශක්තිමත්ය. යන්ත්‍රයේ මිල රුපිය්ල් 19,750 කි.

මෙමගින් පොල්, කිතුල්, පුවක් ගස් සහ අතු කපමින් ඉහලට යන විට වෙනත් ඕනෑම ගසකටත් ලයිට් කණුවක්, ටෙලිෆෝන් කණුවක්, යකඩ බටයක් වැනි ඕනෑම දෙයක ඉහලට ගමන් කිරීමේ හැකියාව ඇත.​

ගම්මිරිස් අස්වනු නෙලීමේ ඉනිමග
ගම්මිරිස් අස්වනු නෙලීමේ ඉනිමග2
ගම්මිරිස් අස්වනු නෙලීමේ ඉනිමග3
previous arrow
next arrow

ගම්මිරිස් අස්වනු නෙලීමේ ඉනිමග

ගම්මිරිස් වගාවේ අස්වනු නෙලීම සදහා විශේෂයෙන් සැකසූ ඉනිමගකි. ගසකට හේත්තු කර පහසුවෙන් රැදවිය හැකි පරිදි ඉනිමගෙහි අග කොටස සකසා ඇති නිසා ඔබට පහසුවෙන් අස්වනු නෙලීම සිදු කළ හැක.

මල්ටි ඩියටි කැරියර් 01
මල්ටි ඩියටි කැරියර් 02
මල්ටි ඩියටි කැරියර් 03
previous arrow
next arrow

මල්ටි ඩියුටි කැරියර්

ගෑස් සිලින්ඩර්, කිලෝ 50 සිමෙන්ති කොට්ට, ලීටර් 20 ජල බෝතල්, මල් පෝච්චි වැනි ඕනෑම දෙයක් පහසුවෙන් හා ආරක්ෂා කාරීව එහා මෙහා ගෙන යාම සදහා මෙන්ම පඩිපෙලකින් ඉහලට හෝ පහලට ගෙනයාමටද මෙම උපකරනය භාවිතා කළ හැක.

අපගේ දැන්වීම්

Our Services

Ghost Removal Service

භූත විද්‍යාව යනු කුමක් ද ,භූත විද්‍යාව මිනිසාට ද සම්බන්ධ වන්නේ ඇයි ,භූතයන්ට මිනිස්සුන්ට කරදර කිරීමට පුළුවන්ද?

Astrology Service

ඔබ කේන්දරය බැලීම විශ්වාස කරන්නේද? කේන්දරය සත්‍යයක්ද? කේන්දරය මගින් අනාගතය ගැන දැනගත හැකිද?

Gem & Jewelry

ඔබට අවශ්‍ය කරන සියලුම මැණික් ගල් වර්ග, මුදු, මාල ඇතුළු සියලුම, ආභරණ සහ විවිධ නිර්මාණ ඉතා විශ්වාසවන්තව සාදවා දිය හැක

Advertising & Marketing

මූල්‍ය /නිෂ්පාදන /ප්‍රවාහන /අලෙවි / සේවා/ යන කුමන ව්‍යාපාරය ඔබ කලත් එම ව්‍යාපාරය දියුණු කිරීමේ රහස් අප සතුව ඇත.